මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය ගොවි ගැටලු දිසාපතිට

    මැයි 30, 2014
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගොවීන් දහසකට අධික පිරිසක්, තමන්ගේ එළවළු සඳහා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිලාභ නොලැබෙන බව පවසමින් ඊට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සකස් කර ගත් සංදේශයක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා වෙත ලබාදීමට කටයුතු කළහ. 

     

    මෙම සංදේශයත් සමඟ ඔවුන්ට ඇති සියලුම ගැටලු එනම් තොග සහ සිල්ලර මිල ගණන් දැන්වීම්වල ප්‍රදර්ශනය නොකිරීම, නිසි ක්‍රමවේදයකින් තොරව සිදු කරනු ලබන කිරුම් මිනුම් ක්‍රම සහ තැරැව්කරුවන්ගෙන් සිදුවන බලපෑම පිළිබඳව දිස්ත්‍රික් ලේකම්තුමා දැනුවත් කිරීමට කටයුතු කෙරිණි. ඊට විසඳුම් ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාරිභෝගික අධිකාරිය සහ කිරුම් මිනුම් මිල පාලන ඒකක ප්‍රමුඛ විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබා දීමෙන් පසුව අදාළ වැටලීම් සිදු කිරීම මේ වන විට වඩාත් පුළුල් කළ බව නුවරඑළිය අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.


    ගොවීන් වෙතින් ඉදිරිපත් වූ තවත් ඉල්ලීමක් වූයේ පොහොර සඳහා සිදු කරනු ලබන ව්‍යාජ මිල ගණන් සම්බන්ධවයි. එමෙන්ම තමන් විසින් මිලදී ගනු ලබන පොහොර සඳහා නියමිත ප්‍රමිතියකින් තොර පොහොර ලබාදීමට ඇතැම් පෞද්ගලික වෙළෙඳසල් හිමියන් ක්‍රියාත්මක වන බවයි. මේ පිළිබඳව සලකා බැලීමෙන් පසු උපදෙස් ලබා දුන් දිස්ත්‍රික් ලේකම්තුමා  නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පාරිභෝගික ප්‍රජාව වෙත සිදු වන විවිධ වෙළෙඳ අක්‍රමිකතා පිළිබඳව වැටලීම් කඩිනමින් හා  පුළුල්ව සිදුකිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 


    එවැනි පාරිභෝගික ගැටලුවක් වෙතොත් 052-7755455 සහ 052-2235207 යන දූරකතන අංක වෙත සිය ගැටලුව ඉදිරිපත් කරන ලෙස ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුම් දෙයි.


    NDH/SH-dmu nuwaraeliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya