මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලේ පොසොන් පොත් දන්සලට පරිත්‍යාගශීලීන්ගෙන් පොත් භාර ගැනේ

    මැයි 30, 2014
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පොසොන් පොහොය දින (12) හා ඊට පසුදින පොත් දන්සලක් මිහින්තලය විහාරස්ථාන පහළ මළුවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


    මේ මහඟු පුණ්‍යකර්මය සඳහා දිවයිනේ සියලුම පාසල්, පාසල් කාර්යමණ්ඩල, දෙමාපියන්ගේ ද සහය ලබාගෙන මුද්‍රිත පොත් පරිත්‍යාගයන් භාර ගැනෙන අතර පොත් දන්සල සඳහා පොත් පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට ඒ සඳහා අවස්ථාව සලසා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

     

    භාවිත කිරීමට සුදුසු තත්ත්වයේ පවතින අතිරේක කියවීම් පොත්, කතන්දර පොත්, පසුගිය ප්‍රශ්නෝත්තර පොත්, විෂය පොත්, සාහිත්‍ය කෘති යනාදිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය වෙත භාරදිය හැකිය. ඊට අමතරව ජාතික පාසල්, පළාත් හා කලාප අධ්‍යාපන කාර්යාලවලට ද ලබන 06 දිනට පෙර මේ පොත් ලබා දිය හැකිය.

     

    දරුවන්ගේ ජීවිතවලට ප්‍රයෝජනවත් වන සංස්කෘතික ආදර්ශයක් ලබාදෙන මේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ පොත් පරිත්‍යාගයන් අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරන බවත් ඒ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට දූරකතන අංක 011-2784839 හෝ 011-2784869 අමතන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටී.

     

    NDH/kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya