මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික්කයේ ගෙවතු වගා වැඩසටහන්

    මැයි 30, 2014
    මාතර දිස්ත‍්‍රික්කය තුළ ග‍්‍රාමීය කෘෂි ආර්ථික, අලෙවි ප‍්‍රවර්ධන, වාණිජ කොරටු සහ ගෙවතු වගා වැඩසටහන් මේ වසරේදී ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය විධිවිධාන යොදා ඇත.


    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක කෙරෙන මේ වැඩසටහන මාතර දිස්ත‍්‍රික්කයේ වැලිගම, වැලිපිටිය, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ හා පිටබැද්දර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. ලබන සැප්තැම්බර් 09 සිට 18 දක්වා ක‍්‍රියාත්මක කෙරෙන ජාතික ගොවි සතියට සමගාමීව මේ වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ.

     

    ඒ අනුව කොරටු 3000ක රසායනික පොහොරවලින් තොරව කාබනික පොහොර පමණක් යොදා ගෙන එළවළු, අතිරේක ආහාර බෝග හා කෙසෙල් වැනි මධ්‍යකාලීන බෝග වගා කිරීම මෙම වැඩසටහනේ ඇති විශේෂත්වයයි. අලෙවි ප‍්‍රවර්ධන කටයුතු සඳහා වැලිගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට රුපියල් 15,000,000.00ක වියදමෙන් දෙමහල් අලෙවි මධ්‍යස්ථානයක් ඉදිවෙමින් පවතින බව ද ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති නන්දසේන හේරත් මහතා අදහස් දක්වමින් පැවසීය.

     

    මේ සියලු වැඩසටහන් සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ විමධ්‍යගත අරමුදලෙන් ලබා දී ඇත.

     

    NDH/DM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya