මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Michaelites' Grand Expo ප‍්‍රදර්ශනය අද ඇරඹේ

    මැයි 29, 2014

    Michaelites' Grand Expo-2014 ප‍්‍රදර්ශනය අද (29) උදේ 9.00 සිට මඩකළපුව ශාන්ත මයිකල් විදුහලේදී ආරම්භ විය. මෙම ප‍්‍රදර්ශනය 30 දින දක්වා එම විද්‍යාල භූමියේදී පැවැත්වේ.


    සෑම විෂයකටම අදාළ වන්නා වූ මෙම ප‍්‍රදර්ශනය, කුටි 80කින් සමන්විත වේ. බැංකු, ධීවර කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු රාශියක් මේ සඳහා එක්ව සිටිති.


    ශාන්ත මයිකල් විද්‍යාලය ජාතික පාසලක් ලෙස උසස් කර අවුරුදු 20ක් සම්පූර්ණ වීමත් පාසල අරඹා අවුරුදු 140ක් සම්පූර්ණ වීම මෙම ප‍්‍රදර්ශනය පැවැත්වීමට හේතු වූ බව විදුහල්පති සී.එස්. මාසිලානි මහත්මිය පවසයි.


    ශිෂ්‍යයන්, ගුරුවරුන්, පාසල් සංවර්ධන සංගමය හා දෙමාපියන් එක්ව සංවිධානය කළ මෙම ප‍්‍රදර්ශනය අවශ්‍යතාවක් සහිත වේ නම් එහි කාලය දීර්ඝ කිරීමට සැලසුම් කර තිබේ.

     

    මෙම උත්සවය සඳහා නැගෙනහිර පළාතේ ප‍්‍රධාන අමාත්‍ය විමලවීර දිසානායක මහතා, දිස්ත‍්‍රික් ලේකම් පී.එස්.එම්. චාල්ස් මහත්මිය, මඩකළපුව මහ නගර සභාවේ කොමසාරිස් එම්. උදය කුමාර් මහතා, නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ටී.ඒ. නිසාම්, මන්මුනෙයි උතුරු ප‍්‍රාදේශීය ලේකම් වී. තවරාජා, මඩකළපුව කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. බාස්කරන්, වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ගෝවින්ද රාජා, පෝල් සත්කුනනායගම් පියතුමා යන ආරාධිතයෝ මෙයට සහභාගී වූහ.

     

    UP

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya