මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන

    මැයි 30, 2014
    විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන පොලොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන අදත් (30) ක්‍රියාත්මක වන බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.


    පොලොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (29) ආරම්භ කෙරිණි. වර්තමානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය දිනෙන් දින ඉහළ යමින් පවතින අතර මේ උපකරණ අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසක් හටගෙන ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. මෙයට පිළියමක් ලෙස පසුගිය 27 දින සිට ජූනි 02 දක්වා වූ කාලය විද්‍යුත් උපකරණ විධිමත් ලෙස බැහැර කිරීම හා එහි ඇති වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ජාතික සතිය ලෙස නම් කර තිබේ. ඊට සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ක්‍රියාකාරී වැඩසටහන් රැසක් මධ්‍යම පරිසර අධිකාරිය මඟින් සංවිධානය කොට ඇත.

     

    පොලොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය මඟින් සංවිධානය කෙරෙන මේ එක් වැඩසටහනක් මඟින් තමන්කඩුව, හිඟුරක්ගොඩ හා මැදිරිගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ අපද්‍රව්‍ය එකතු කිරීමේ හා ජනතාව දැනුවත් කිරීමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 

     

    NDH/WK/BG_dmu_polonnaruva 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya