මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය සංවර්ධන ව්‍යාපෘතිවලට මිලියන 826ක්

    මැයි 29, 2014

    මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් මධ්‍යම පළාත් සභාව මඟින් රුපියල් මිලියන 826ක මුදලක් වෙන් කොට ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.


    මධ්‍යම පළාතේ මේ වන විට ආරම්භ කොට ඇති ව්‍යාපෘති සියල්ල සැප්තැම්බර් මස අවසන් කිරීමට අපේක්ෂා කරයි. දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන අතරින් රුපියල් මිලියන 07ක මුදලක් සමාජ සුබසාධනය සඳහා වෙන් කරන බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත පවුල් නඟාසිටුවීම මෙහි එක් අරමුණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     
    ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය අඟහරුවාදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති මධ්‍යම පළාත් ප්‍රගති සමාලෝචන සැසියේදීය.
     

    මෙහිදී කෘෂිකර්මය, සෞඛ්‍ය, මහාමාර්ග හා කර්මාන්ත සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රයන් පිළිබඳව ප්‍රගති සමාලෝචනයක යෙදුණු අතර ඒ ඒ අමාත්‍යංශයන් මඟින් නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් සිදු කළ සංවර්ධන ව්‍යාපෘති සහ එහි ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරිණි. 

    මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපනික තත්ත්වය පිළිබඳ ව වැඩිදුරටත් සාකච්ඡාවට ලක් වූ අතර පවතින ගුරු හිඟය හා අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ හිඟය වෙනුවෙන් කඩිනමින් පියවර ගැනීමට ප්‍රධාන අමාත්‍යතුමා විසින් පළාත් අධ්‍යාපන අමාත්‍යතුමා ඇතුළු බලධාරීන්ට  උපදෙස් ලබා දෙන ලදී.

     

    මහාමාර්ග, කෘෂිකර්ම සහ පළාත් පාලන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී නිලධාරීන් සිය ගැටලු ඉදිරිපත් කළ අතර මෙම ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවටත් එම ව්‍යාපෘති නිසි කාල සීමාව තුළ අවසන් කළ යුතු බවටත් ප්‍රධාන අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya