මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම යටතේ කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අංශයට මිලියන 300ක්

    මැයි 29, 2014

    දිවි නැඟුම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සමෘද්ධි අංශය වෙත රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් සහකාර සමෘද්ධි කොමසාරිස් හර්ෂනී සිරිනාම මහත්මිය පැවසුවාය. 


    කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කොටගෙන මෙම ප්‍රතිපාදන වැය කිරීමට අදහස් කරයි. මැතිවරණ බල ප්‍රදේශ 15ක් සඳහා මෙම ප්‍රතිපාදන ලබා දී ඇති අතර එක් මැතිවරණ බල ප්‍රදේශයක් සඳහා රුපියල් මිලියන 20 බැගින් වෙන් කර තිබේ. කෘෂිකාර්මික කටයුතු, සත්ත්ව හා ධීවර කර්මාන්තය, අලෙවි හා සේවා යන අංශ 04 යටතේ මේ ප්‍රතිපාදන යොදවන බවත් ව්‍යාපෘති හඳුනා ගැනීමේදී මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙන ජංගම සේවා හා සමෘද්ධි සමිති හරහා ජනතා යෝජනා ගැනීමටත්, එම යෝජනා සඳහා පමණක් මෙම ප්‍රතිපාදන වැය කිරීමටත් කටයුතු යොදා ඇති බව ද සමෘද්ධි කොමසාරිස්වරිය සඳහන් කළාය.


    දැනට කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් විශේෂ ව්‍යාපෘති අතර සතුන් අභිජනන මධ්‍යස්ථාන ඇති කිරීම, අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීම, ප්‍රතිලාභීන් පුහුණු කිරීම සිදු කෙරෙන අතර මෙම ප්‍රතිපාදන ආර්ථික කටයුතු අමාත්‍යංශය මඟින් දිවි නැඟුම දෙපාර්තමේන්තුව හරහා කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අංශය වෙත ලැබී ඇතැයි ද ඇය පැවසුවාය. 

     

    NDH/WJ-dmu colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya