මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අම්පාර විහාරස්ථානවලට අත්‍යවශ්‍ය භාණ්ඩ පූජා කිරීමේ පිංකම අද

    ජූනි 01, 2014
    අම්පාර දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර විහාරස්ථාන 100ක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පූජා කිරීමේ පිංකමක් කතානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01)  පෙරවරු 9.30ට අම්පාර නගර සභාවේදී පැවැත්වේ.


    මේ සඳහා සත්කාරක සේවා සම්බන්ධ සියලු කටයුතු රත්ගම සංවර්ධන පදනම මඟින් සංවිධානය කර ඇති අතර දිවයින පුරා සිටින පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය සහ භාණ්ඩ ආධාර මත මෙය සිදු කෙරේ.

     

    දුෂ්කර විහාරස්ථානවල සංඝයා වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අත්‍යවශ්‍ය වන සිවුරු, පිරිකර, ආගමික පොත්පත්, වියළි සලාක, ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට, බේසම්, බාල්දි, විදුලි බුබුළු, විදුලි පන්දම්, දත් බුරුසු, දත් බෙහෙත් යනාදී සියලු පිරිකර මෙහිදී පූජා කරනු ලැබේ.

     

    රත්ගම සංවර්ධන පදනම මඟින් මේ වසරේදී දුෂ්කර ආගමික ස්ථාන සඳහා කැපකරු දායක ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට එම පදනමේ අනුශාසක චමල් රාජපක්ෂ මහතා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.
     
    එම කැපකරු දායක ක්‍රමයේ අරමුණ වන්නේ අම්පාර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධ කිරීමයි. එමඟින් අම්පාර දිස්ත්‍රික්කයේ ඇති දුෂ්කර ආගමික ස්ථාන හඳුනාගැනීම, හඳුනාගත් එම දුෂ්කර විහාරස්ථානවලට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මඟින් අවශ්‍ය කරන ආධාර උපකාර කිරීම සිදු කිරීමට නියමිතය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya