මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර පශු සම්පත් සංවර්ධනයට ව්‍යාපෘති 5287ක්

    මැයි 29, 2014

    කළුතර දිස්ත‍්‍රික්කයේ පශු සම්පත් සංවර්ධන කටයුතු සඳහා ව්‍යාපෘති 5287ක් ක‍්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා සකස් කර ඇතැයි කළුතර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    මේ සියලු යෝජනා දිස්ත‍්‍රික් ක‍්‍රමසම්පාදන කාර්යාලය වෙත ලබා දී තිබෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 74.92ක පිරිවැයක් ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම හා ප‍්‍රචලිත කිරීම, ගව හා එළු පාලනය වැඩිදියුණු කිරිම, බ්‍රොයිලර් සඳහා කුකුළන් ඇති කිරීම, බිත්තර කිකිළියන් ඇති කිරීම හා ආදර්ශ තෘණ ඒකක පිහිටුවීම යන ක්ෂේත‍්‍ර යටතේ මෙම ව්‍යාපෘති යෝජනා සකස් කර තිබේ. 

    මුළු දිස්ත‍්‍රික්කයම ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක වන අතර දිවි නැඟුම වැඩසටහන ඇතුළු ප‍්‍රජා ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ වැඩසටහන් යටතේ මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරේ. මේ වසරේ ක‍්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලින් වැඩි ප‍්‍රමාණයක් ඍජුවම ජනතාවගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමට දායකවන අයුරින් ක‍්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි. 

     

    NDH/wms-dmu kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya