මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ සංවර්ධනයට 2014දී මිලියන 4500ක්

    මැයි 29, 2014
    2014 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4500ක් වෙන් කර තිබෙන අතර මෙය ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් සංවර්ධනය සඳහා අලුත් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය.


    මෙහි අරමුණ වන්නේ සංවර්ධන ක්‍රියාවලියකට මුල්තැන දීමයි. යෝජනා ගෙන ඒම, සැලසුම් තිබීම වැනි මූලික කරුණු ජනතාවගේ අනුදැනුම ඇතිව කීරීම වැදගත් වේ. ඒ තුළින් ඉක්මන් හා සාර්ථක සංවර්ධනයකට යා හැකියි. පාසල් සංවර්ධනය, එක ගමකට එක වැඩක්, නගර සංවර්ධනය, සුළු වාරිමාර්ග, වන සංරක්ෂණය, කෘෂිකර්මාන්තය නගාසිටුවීම වැනි අංශ 11ක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ සඳහා ජනතා සහභාගිත්වය ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ආකර්ෂණිය වැඩපිළිවෙළක් අවශ්‍ය  වන බවද ඔහු කීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය සෙනසුරාදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සමුළුවේදීය.

     

    වෙන් කළ මුදල් මේ වර්ෂය තුළදී ජනතාවට වැඩදායක වන ලෙස වියදම් කළ යුතුයි. ඒ සඳහා ජනතාවගේ අදහස් හා යෝජනා ඉක්මනින් ලබා ගැනීමට වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් දිස්ත්‍රික් ලේකම්වරයා මේ සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ජංගම සේවා හමුවක් පැවැත්වීමටත් එක කලාපයකට ජංගම සේවා වැඩසටහන් කිහිපයක් සැලසුම් කිරීමටත් සුදුසු බව ද පෙන්වා දුන්නේය.

     

    NDH/WJ-dmu colombo

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya