මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ කෘෂිකර්මය නැංවීමට මිලියන 4810ක්

    මැයි 29, 2014

    ප්‍රජා අවශ්‍යතා හඳුනාගැනීම සඳහා ජංගම සේවා වැඩසටහන් රැසක් කොළඹ දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කර එමඟින් කෘෂිකාර්මික අංශය ගොඩනැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවත් මේ සඳහා දැනට රුපියල් මිලියන 4810ක් වෙන් කර ඇති අතර විශාල නාගරික ජනගහනයක් වෙසෙන ප්‍රදේශයක් වීම නිසා කොළඹට වෙනම ක්‍රමවේදයක් සෑදිය යුතු බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා පැවසීය.


    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති කෘෂිකර්ම රැස්වීමේදීය.


    මේ ප්‍රදේශයේ කුඹුරු වගා කරන්නේ 50 %ක ඉතා සීමිත ප්‍රමාණයකි. පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ සඳහා ගොවි සංවිධාන ක්‍රියාකාරීකොට ඔවුන්ගේ අදහස් විමසා අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු යැයි දිස්ත්‍රික් ලේකම්වරයා කීය.

     

    මෙහිදී අදහස් දැක්වූ මිනිස් බල සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා පැවසුවේ මේ ජංගම සේවා වැඩසටහන සඳහා අපේ දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

     

    මේ මඟින් මිනිසුන්ගේ පවුල් ශක්තිමත් කිරීම සඳහා රැකියාපොළ වැඩසටහන, රැකියා මාර්ගෝපදේශකත්වය, මහජන රැකියා සේවය වැනි අංශ දියුණු කළ යුතුයි. විශේෂයෙන් ම වර්තමාන අධ්‍යාපනය තරගයකට යොමු වී ඇති නිසා තරුණ පරපුරට ගැළපෙන පරිදි අනාගතය සැලසුම් කළ යුතුයි. බස්නාහිර පළාතේ 47%ක් ම සාමාන්‍ය පෙළ පාස් වෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය සේවයේ කම්කරු තනතුරක්වත් ගන්න බැහැ. සමහර විට මේ අධ්‍යාපන ක්‍රමය යටතේ උපාධිය තිබුණත් වැඩක් නැහැ. ඒ නිසා සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධි අයට රැකියා මාර්ගෝපදේශකත්වයක් ලබා දිය යුතුයි. ස්වයංරැකියාවලට යොමුවීම අඩුයි. දියුණු රටක වුවත් පළමුව ආර්ථිකය ගොඩනැගෙන්නේ ස්වයංරැකියා වලින් වන අතර පෞද්ගලික සේවයේ නියුතුවූවන් ද රාජ්‍ය අංශයට යොමු වී ඇති නිසා මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් හා ඔවුන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කළ යුතු යැයි ඔහු පෙන්වා දුන්නේය.

     

    NDH/WJ-dmu colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya