මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බීජ අලෙවි ප්‍රවර්ධන සතිය ජූනි 02 සිට 07 දක්වා

    මැයි 29, 2014

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත බීජ වර්ග ගොවීන්ට පහසුවෙන් මිලදී ගැනීමට හා සැබෑ ශ්‍රී ලාංකීය රසය සහිත දේශීය බීජ ප්‍රචලිත කිරීමේ අරමුණින් දීප ව්‍යාප්ත බීජ අලෙවි ප්‍රවර්ධන සතියක් ජූනි 02 සිට 07 දක්වා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙය සිදු කෙරේ. දේශීය බීජ පිළිබඳ ජනතාව තුළ යහපත් ආකල්ප ඇති කිරීම සඳහා උක්ත වැඩසටහන පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආවරණය වන පරිදි සතියක පමණ කාලයක සිට පූර්ව දැනුවත් කිරීම් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර බැනර්, පොස්ටර්, ස්ටිකර්ස්, අත්පත්‍රිකා හා ශබ්ද විකාශන මඟින් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මහජනතාව වෙත දැනුම බෙදා හැරීමට වැඩසටහන් ද ආරම්භ කර ඇත.


    ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන සංකල්පයට අනුව දේශීය බීජ භාවිතය මෙරට තුළ ව්‍යාප්ත කිරීමට හා උසස් තත්ත්වයේ බීජ ගොවීන් වෙත පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව වර්ධනය කිරීමට මෙම වැඩසටහන් පෙළ විශාල දායකත්වයක් ලබා දෙනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ බලාපොරොත්තුවයි.


    බීජ අලෙවි ප්‍රවර්ධන සතියට සමගාමීව වැඩසටහන් රැසක් දීප ව්‍යාප්ත මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු මේ වන විටත් සුදානම් කර ඇත. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගොවීන් හා මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථාන ඉලක්ක කර ගනිමින් ජංගම රථ මඟින් බීජ අලෙවි කිරීම හා අලෙවි ප්‍ර‍වර්ධන කටයුතු සඳහා තාක්ෂණ නිලධාරීන්ගේ සහය මහජනතාව වෙත ලබා දීමට කටයුතු යොදා ඇත.


    මීට අමතරව ලක් කෘෂි අලෙවි නියෝජිතයන් 1000ක් අලුතින් බඳවා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය උසස් තත්ත්වයේ බීජ තොග වශයෙන් ලබා දීමටත් කටයුතු යොදා ඇති අතර, ඉදිරි වර්ෂය සඳහා බීජ හා රෝපණ ද්‍ර‍ව්‍ය ඇනවුම් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමටත් කටයුතු සුදානම් කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya