මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දහස ව්‍යාපෘතියෙන් මඩකළපුවේ පාසල් පහක් සංවර්ධනයට

    මැයි 29, 2014

    මඩකළපුව, කාණ්ඩුමනී මහා විද්‍යාලයේ ඉදිකළ තාක්ෂණික අංශය සිසු අයිතියට පත් කිරීමේ උළෙල අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු සහ නැවත පදිංචිකිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවැත්වුණි.


    පාසල් දහසක් ව්‍යාපෘතිය යටතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ පාසල් පහක් මේ අයුරින් සංවර්ධනය කිරීමට නියමිතය.


    පාසල් දහසක් ව්‍යාපෘතිය යටතේ පත්තිරිප්පු අධ්‍යාපන කලාපයේ පාලුගාමම්, කාණ්ඩුමනී මහා විද්‍යාලයේ ඉදිකළ තාක්ෂණ අංශය විවෘත කිරීමෙන් අනතුරුව පාසල් පරිශ්‍රයේ පිහිටි සරස්වතී සහ විබුලානන්දර් ප්‍රතිමාවන්ට පුෂ්පෝපහාර දැක්වූ  අමාත්‍යවරු සිසු සිසුවියන් හා සුහද සාකච්ඡාවකට ද  එක් වූහ.


    පෝරතිව් පත්තුව ප්‍රාදේශීය ලේකම් විල්වරතිනම්, නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් පොන් රවින්ද්‍රන්, පත්තිරිප්පු අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, ප්‍රදේශයේ  පාසල්වල  විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    UW/ku

    pasal dahasak batty Kandumani MV 1

    pasal dahasak batty Kandumani MV 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya