මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරුන්ට ඇමති බැසිල් අතින් පත්වීම්

    මැයි 28, 2014

    ගොවි ජනතාවගේ භාරකරුවන් වෙමින් ඔවුන් ආරක්ෂා කරගෙන තිරසාර සංවර්ධනයේ අරමුණු සපුරාලමින් ‍මෙම දෙපාර්තමේන්තුව ‍රටේ ආර්ථිකයට බලපාන වැදගත්ම දෙපාර්තමේන්තුව ලෙස පත්කර ගත යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.


    ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරු ලෙස 23 දෙනෙකුට පත්වීම් ලබාදීම නිමිත්තෙන් අද (28) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පැවති උත්සවයේදීය.

     

    1957 ඔක්තෝබර් මස ඇරඹුණු ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථාන 557ක් රටපුරා පිහිටුවා තිබේ.


    ගොවිජන පනතට අදාළ ක්‍රියාකාරකම්, ගොවින් ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික ඉඩම් කළමනාකරණය, පුරං කුඹුරු අස්වැද්දීම, සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, ගොවි ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම වැනි වැඩසටහන් ගොවිජන සේවා මධ්‍යස්ථාන යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. දැනට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක පිරිස 12,000කට ආසන්නය.


    මෙහිදී වැඩිදුරට‍ත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රණය ඉතා විශාලවන අතර එය රට පුරා සෑම ග්‍රාමසේවාවක්ම යටතේම ක්‍රියාත්මක වන අතර ගොවි ජනතාවට අවශ්‍ය සියලු සේවා සපයන ස්ථාන ලෙස ගොවිජන සේවා මධ්‍යස්ථාන නඟාසිටුවීම රජයේ අරමුණ බවයි.


    මෙම උත්සවය අමතා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, ගොවිජන සේවා කොමසාරිස් සුනිල් වීරසිංහ යන මහත්වරුන් අදහස් දැක්වූ අතර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රියත්න මායාදුන්නේ, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ මානව සම්පත් කොමසාරිස් තරුණි ගමගේ ඇතුළු මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


    HC/DW_med

    Appointment of new 23 Agrarian Development ACs 1

    Appointment of new 23 Agrarian Development ACs 2

    Appointment of new 23 Agrarian Development ACs 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya