අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හපුතලේ ප්‍රදේශයේ මිරිදිය මත්ස්‍ය අස්වනු නෙළීම අරඹයි

    මාර්තු 25, 2014


    badulla- fish 3ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ජාතික ජලජීවී සම්පත් සංවර්ධන අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මඟින් ක්‍රියාත්මක වතු ආශ්‍රිත මිරිදිය මත්ස්‍ය වගා වැඩසටහන ටයතේ හපුතලේ ප්‍රදේශයේ ආරම්භ කෙරුණු මිරිදිය මත්ස්‍ය පොකුණුවල ප්‍රථම මත්ස්‍ය අස්වනු නෙළීම හා එම මසුන් අලෙවිය ආරම්භ කිරීම බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත දිවිනැඟුම සංවර්ධන වැඩසටහන යටතේ හපුතලේ ආගරපතන වත්තේ වී.ත්‍යාගරාජා මහතාගේ මත්ස්‍ය පොකුණුවල අස්වනු නෙළීම හා අලෙවිය එදින ආරම්භ කෙරිණි.

    මෙම අවස්ථාවට ඌව පළාත් සභා මන්ත්‍රී සුමිත් සමයදාස, හපුතලේ නගරාධිපති ඩී.එම්.උපුල් දිසානායක, හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.ජී.සමන්ත කුමාර යන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තෝ විශාල පිරිසක් සහභාගී වූහ.මාපාකඩ ජලජීවී සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ජලජීවී ව්‍යාප්ති නිලධාරී නාලක බණ්ඩාර මහතා මෙම වැඩසටහන මෙහෙයවීය.

    Jr/SH_dmu_ baduulla

    badulla- fish 1

    badulla- fish 4

     

    badulla- fish 2

    badulla- fish5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya