අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ කිරි නිෂ්පාදනයේ වර්ධනයක්

    මැයි 15, 2014
    ගම්පහ දිස්ත්‍රික්කයේ 2014 වසරේ එළකිරි නිෂ්පාදන ඉලක්කය ලීටර් 16479ක් වන අතර මාර්තු මාසය වන විට කිරි නිෂ්පාදනය ලීටර් 3669ක ඉලක්කය සපුරා ගෙන ඇත.
     
    නව කිරි ගොවිපළ ඇති කිරීමේ වැඩසටහන යටතේ 2014 වසරේ දී ගොවිපළ 197ක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති අතර පසුගිය මාර්තු අවසන් වන විට ගොවිපළ 32ක් සාර්ථක ලෙස ආරම්භ කොට ඇත. 
     
    ගම්පහ එළකිරි මගින් අතුරු නිෂ්පාදන කිරීමේ ඉලක්කය යටතේ යෝගට් නිෂ්පාදනය බඳුන් 1000සේ පැකට් 40,106කි. මුදවපු කිරි බඳුන් 1000සේ පැකට් 1184කි. දියර කිරි නිෂ්පාදනයේ ඉලක්කය බැරල් 510කි. මෙම සියලු නිෂ්පාදනයන්හි සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් සිදු වී ඇති බව ඉකුත් දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී අනාවරණය විය.
     
    මෙයට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා කිරි නිෂ්පාදනය ආශ්‍රිත සත්ත්ව පාලනය පිළිබඳව පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya