මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතු සිදු කිරීමට ඉන්දීය ධීවරයන්ට කිසිදු ඉඩක් ලබා දී නෑ- අමාත්‍ය මහින්ද අමරවීර

    මාර්තු 27, 2015

    mahinda amaraweeraශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතු සිදු කිරීමට ඉන්දීය ධීවරයන්ට කිසිදු ඉඩක් ලබා දී නැතැයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

     

    වසරකට දින 83ක් බැගින් ශ්‍රී ලංකා මුහුදේ මසුන් ඇල්ලීමට වසර තුනක් ඉඩ දී ඇතැයි ඇතැම් මාධ්‍ය සිදු කළ ප්‍රචාර පිළිබඳව රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසීමක දී අමාත්‍යවරයා අද (27) මේ බව පැවසී ය.

     

    ධීවර ප්‍රශ්නය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කළා. ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මසුන් ඇල්ලීමට ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීමට ඉඩ නොදෙන ලෙස මා නියෝජිතයන්ට ප්‍රකාශ කළා. උතුරේ ධීවරයන්ට මේ මුහුදු කලාපය වැදගත් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයාශ්‍රී ලංකා මුහුදු කලාපයට අනවසරයෙන් ඇතුළු වුවහොත් අත්අඩංගුවට ගැනීමට  කටයුතු කරන බව ද පැවසී ය. 

     

    මේ පිළිබඳව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් ඉන්දික සිල්වා  මහතාගෙන් විමසූ විට ප්‍රකාශ කළේ, සුපුරුදු ලෙස නීතිය ක්‍රියාත්මක වන බවත් යමෙක් ශ්‍රී ලංකා මුහුදු කලාපයට නීතිවිරෝධී ලෙස ඇතුළුවුවහොත් අත්අඩංගුවට ගැනීම සිදු කරන බවය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya