නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ක්ෂේත්‍ර රාජකාරීවලට වාහන

    මාර්තු 28, 2015
    උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ දී ප‍්‍රවාහන පහසුකම්වල පවතින අඩුපාඩු හේතුවෙන් ක්‍ෂේත‍්‍ර රාජකාරීවලදී දුෂ්කරතාවට මුහුණදෙන අවස්ථා අවම කිරීම සඳහා වාහන 34ක් අමාත්‍යංශ ලේකම්වරුන්ට මුදා හරිනවා. මේ ඔබට ලබා දෙන්නේ ජනතාවගේ මුදලින් ජනතාවටම සේවය කිරීම සඳහා ලබා දෙන වාහනයි. එහිදී ඔබට ලැබෙන මේ පහසුකම් උපයෝගී කරගනිමින් අවංකව හා කාර්යක්ෂමව ජනතා සේවය කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බව උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා පැවසීය.
     
    උතුරු මැද පළාත් සභා රාජකාරී ගමන් බිමන් සඳහා පළාත් සභාව විසින් මිලදී ගන්නා ලද වාහන 34ක් අදාළ අමාත්‍යංශ ප‍්‍රධානීන් වෙත ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමින් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පසුගියදා මේ බව පැවසීය.
     
    මෙම වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් දැක්වූ පළාත් ප‍්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බී. හේරත් මහතා, උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ කාර්යක්ෂම බව හා රාජකාරී ගමන් බිමන්වල දී මතුවන ප‍්‍රවාහන ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප‍්‍රවාහන දුෂ්කරතාවලට පිළියමක් වශයෙන් මේ වාහන ලබා දුන් බව පැවසීය.
     
    කැබ් රථ 24ක් වෑන් රථ 07ක් හා මෝටර් රථ 03ක් මේ සඳහා මිලදී ගත්තා. අත්‍යවශ්‍ය හේතූන් පදනම් කරගෙන වාහන එකක් හෝ දෙකක් මිලදී ගත් අවස්ථා ඇති නමුදු වසර ගණනාවකට පසු පළාත් සභාව සඳහා වාහන 34ක් ලබාගත් පළමු අවස්ථාව මෙයයි. වසර ගණනාවක් පාවිච්චි කරනු ලබන දැනට පළාත් සභාව සතු ඇතැම් වාහන වාර්ෂිකව සිදුවන අලුත්වැඩියා සඳහා රුපියල් ලක්ෂ දෙක, තුන වැය වෙනවා. වරින් වර සිදු කරන මේ අලුත්වැඩියාවන් සඳහා විශාල මුදල් ප‍්‍රමාණයක් වැය වෙනවා. ගෙන්වා ඇති සියලු වාහන තීරු බදු රහිත ඒවායි. මෙසේ ලබාගත් වාහන පළාත් අමාත්‍යංශවල ලේකම්වරුන් වෙත නිදහස් කරනවා. අදාළ ලේකම්වරුන්ගේ පූර්ණ වගකීම යටතේ අමාත්‍යංශවලට අදාළ දෙපාර්තමේන්තු හා ආයතනවල අවශ්‍යතා අනුව එම වාහන ලබා දිය යුතුයි. පළාත් සභාව සඳහා දැනට අවශ්‍යව ඇති වාහන ප‍්‍රමාණය 74ක් වුවද මූල්‍ය තත්ත්වයන් හා සැලකිල්ලට ගනිමින් වාහන 34ක් පමණක් මිලදී ගැනීමට තීරණය කළ බවද පළාත් ප‍්‍රධාන ලේකම්වරයා පැවසීය. 
     
    මේ අවස්ථාවට අමාත්‍යංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප‍්‍රධානීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya