ක්‍රීඩා සම්මේලන වල නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියට – ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත තවත් තරුණයින් තිදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම ( 10දින) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. එම පුහුණුලාභීන් නොවැම්බර් මස 13 දින ජපානය බලා පිටත්ව යෑමට නියමිතය.
පොදු ප්‍රවාහනය තුළ කාන්තාවන්ට සිදුවන කරදර හිරිහැර හේතුවෙන් බියෙන් හා සැකයෙන් තොරව ගමන් කිරීමේ නොහැකියාව වැනි ගැටලු සඳහා සමාජයේ වැඩි අවධානයක් යොමු කිරීම මෙවර පොදු ප්‍රවාහන දිනයේ තේමාව වන බවත්, මෙම තත්ත්වයන් අවම කිරීම උදෙසා ප්රබුද්ධ සාකච්ඡාවක් ඇති කිරීම සඳහා මෙවර ප්‍රවාහන දිනය යොදාගැනීම ලෝකයේම එකඟතාවය වන බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.