බදු ජාලය පුළුල් කළ යුතුයි. තම යුතුකම රට වෙනුවෙන් ඉටු කරන්නට දේශීය ආදායම් බදු නිලධාරින්ට විශාල වගකීමක් පැවරී තිබෙනවා යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රටක් ලෙස සියලු වාද භේද අමතක කර රට වැටී සිටින තත්ත්වයෙන් ගොඩ ගැනීමට කටයුතු කළ යුතු මොහොතක ඇතැම් පිරිස් විසින් කුමන්ත්‍රණ කාරී වැඩපිළිවෙලවල් දියත් කිරීමට සුදානම් වීම පිළිබඳව ආණ්ඩුව දන්නා බවත්, එවැනි කුමන්ත්‍රණ වලින් ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ දේවල් සිදු කිරීමට ඉඩ නොදෙන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
ආර්ථිකය නැවත කඩා වැටීමේ අවධානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මහජන නියෝජිතයින් ලෙස අපගේ පෞද්ගලික අරමුණුවලින් බැහැර වී මෙවර අයවැය දෙස බැලිය යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.