ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙනි.
මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එකඟ වූ ආකාරයට මෙරටට දෙවනි වාරිකය ලබා ගැනීම මෙන්ම ඊට පසු ගෙවීමට තිබෙන ජාත්‍යන්තර ණය ගෙවන්නේ කෙසේ ද යන්න පිළිබඳව වඩා අවධානය යොමු කරමින් අසාමාන්‍ය වෙහෙසක් දරමින් තීරණාත්මක ව සිටින මොහොතක සියල්ල කඩාකප්පල් වුවහොත් කවර ආණ්ඩුවක් බලයට පත් වුවත් සති දෙකකට වඩා එම ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි බව හෙතෙම මෙහි දී අවධාරණය කළේය.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් තොරව කිසිම ආකාරයකින් ජාත්‍යන්තර වෙළඳ ගණුදෙනු කළ නොහැකි බවත්, එමඟින් රට අගාධයකට පත් වෙමින් මිට වසරකට පෙර තිබු ආකාරයට ජනතාව අසමාන්‍ය ලෙස අපහසුතාවයට පත්වන බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.
ඒ අනුව, මෙම වැඩපිළිවෙලවල් කඩා කප්පල්කාරී කිරීමට දේශීය වශයෙන් කුමන්ත්‍රණ කාරී බලවේග ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල් මඟින් ජනතාව අපහසුතාවයට පත් වීමට ඉඩ නොදෙන බවත්, එම නිසා මහජනතාව පීඩාවට පත්වීම වැළක්වීම උදෙසා පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවත්, අත්‍යවශ්‍ය සේවා නිසි පරිදි ඉටු නොකළහොත් රටේ තිබෙන නීතිය අනුව කටයුතු කෙරෙනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.