අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙරට අතර සබඳතා සෑම මට්ටමකින්ම ප‍්‍රගතිය හා සංවර්ධනය කරා - අල්-ඛලීෆා රජතුමා

    අප්‍රේල් 29, 2014

    සෑම මට්ටමකින්ම ප‍්‍රගතිය හා සංවර්ධනය කරා තවදුරටත් පරිණාමය වෙමින් පවත්නා වූ අප දෙරට අතර සබඳතා මට්ටම ගැන අපේ උපරිම අභිමානය සහ ගෞරවය ප‍්‍රකාශ කිරීමට කැමති බව බහරේන් රාජ්‍යයේ හමාද් බින් ඉසා අල්-ඛලීෆා රජතුමා පැවසීය.


    බහරේන්හි හමාද් බින් ඉසා අල්-ඛලීෆා රජතුමා මේ බව පැවසුවේ ඊයේ (28) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට බහරේන් රාජධානියේ ඉහළම ගෞරව සම්මානය වන අල්-ඛලීෆා අභිධානය ප‍්‍රදානය කළ අවස්ථාවේදීය.

    එතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    අපරිමිත, දයාන්විත, අසමසම, කරුණාවන්ත අල්ලා දෙවිඳුන්ගේ නාමයෙන් අතිගරු ජනාධිපතිතුමනි,
    දෙවියන් වහන්සේගේ සාමය, අනුකම්පාව සහ ආශිර්වාදය.
    බහරේනයට පැමිණි ඔබතුමන් පිළිගැනීමටත්,

    ඔබතුමාගේ චාරිකාව සහ මෑතකදී ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය බහරේන් හි විවෘත කිරීම අපේ මිත‍්‍ර ජාතීන් දෙක අතර වැඩිදුර සහයෝගිතාව වර්ධනය සඳහා ඉවහල් වන අවස්ථාවක් ලෙස අපි සලකන්නෙමු.


    එමෙන්ම, ජනතාවගේ පොදු දැක්ම හා ආකල්ප මත පදනම්ව අන්තර්ජාතික ආරක්‍ෂාව හා ස්ථාවරත්වය වැඩිදුර තහවුරු කිරීමත් ජනතා අභිලාෂයන් සපුරාලන්නා වූ ආර්ථික හා සමාජ ප‍්‍රගතිය ප‍්‍රවර්ධනයත් පිණිස කලාපය ඇතුළත තිරසාර සබඳතා සහ උපායමාර්ගික සන්ධාන ස්ථාපනයට ඉඩකඩ ඇති බව බහරේනය සිය ආසියානු පර්යාලෝකය අනුව දකින්නේය.

     

    ස්වකීය බහුවිධ ස්වභාවය සහ වෙනස්කම් පිළිබඳ භේදයක් නැතිව සියලු කොටස් ඒකරාශී කිරීමට සමත් විවෘතභාවය හා විවිධත්වය සහිත පරිසරයක් නිර්මාණය කිරීමේ හැකියාව නිසා නමක් දිනා ඇති බහරේන් සමාජ සංස්ථාවෙහි අවියෝජනීය කොටසක් බවට පත්ව, ඔබේ කරුණාබර ජනතාව රාජධානියේ ප‍්‍රගතිය හා සමෘද්ධිය උදෙසා කරන දායකත්වය අගය කිරීමටත් අපි මෙය අවස්ථාවක් කර ගැනීමට කැමැත්තෙමු.

     

    උතුමාණෙනි, ඔබ සහ ඔබ අයත් මිත‍්‍ර රාජ්‍යය මෙන්ම ද්විපාර්ශවික සබඳතා, සංවර්ධනයේ සහ ප‍්‍රගතියේ වඩා ඉහළ තලයකට ඔසවා තැබීමට ඔබ පෞද්ගලිකව ගන්නා උත්සාහයත් අගය කරනු පිණිස බහරේන්හි කීර්තිමත් සම්මානයක් වන ඛලීෆා අභිධානය ඔබතුමන් වෙත සතුටින් ප‍්‍රදානය කරන්නෙමු.

     

    NDH/HC

    04

     

     

    08


    11

     

    05

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya