ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික වේදිකාවල දී අඛණ්ඩව සහය දෙනවා - මාලදිවයින් විදේශ ඇමතිනිය

    අප්‍රේල් 26, 2014

    මාලදිවයින් විදේශ ඇමතිනී දුන්යා මවුමූන් (Dunya Maumoon) මහත්මිය අද (26) උදේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවූවා ය.


    අනතුරුව කළ සාකච්ඡාවේ දී ද්විපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම හා අධ්‍යාපනය ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත කරුණු අවධානයට ලක්විය.


    “අන්තර්ජාතික වේදිකාවල දී ශ‍්‍රී ලංකාවට මාලදිවයිනේ අඛණ්ඩ සහය ලැබෙන බවට මා සහතික වෙනවා”, මවුමූන් මහත්මිය ප‍්‍රකාශ කළාය.


    මවුමූන් මහත්මිය මාලදිවයින් විදේශ ඇමතිනිය ලෙස ශ‍්‍රී ලංකාවේ චාරිකා කරන දෙවැනි අවස්ථාව මෙයයි. මේ වසරේ ජනවාරි මාසයේ දී රාජ්‍ය චාරිකාවක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් (Abdulla Yameen) මැතිතුමා සමග ඇය ද එක්ව සිටියා ය.


    මෙවර චාරිකාවේ දී විදේශ ඇමතිනිය මාලදිවයින්හි හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයූම් (Maumoon Abdul Gayoom) මැතිතුමා සමග ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලයීය සභාපතිවරයා ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයීය ජාතීන්ගේ සංස්කෘතික විවිධත්වය සමරනුවස් පවත්වන සාදයට සහභාගී වනු ඇත.


    ශ‍්‍රී ලංකාවේ වැඩ බලන මාලදිවයින් මහ කොමසාරිස් ආචාර්ය හසියන් නියාස් (Dr. Hassian Niyaaz) මහතා ද විදේශ ඇමතිනිය සමග විය. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය හමුවට එක්ව සිටියහ.


    HC/NP_IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya