අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලූකිස්ථානයේ ශ‍්‍රී ලංකා වෙළෙඳ කාර්යාලයක් පිහිටුවන්නැයි ඉල්ලීමක්

    අප්‍රේල් 26, 2014

    පාකිස්ථානයේ බලූකිස්ථාන් ප‍්‍රාන්ත මන්ත‍්‍රණ සභාවේ කථානායක මීර් ජාන් මුහමද් ඛාන් ජමාලී (Mir Jan Muhammad Khan Jamali)  මහතා ප‍්‍රමුඛ ප‍්‍රාන්ත මන්ත‍්‍රණ සභා මන්ත‍්‍රී පිරිසක් අද (26) උදේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මුණගැසුණහ.


    බලූකිස්ථාන්හි උපායමාර්ගික වැදගත්කමක් සහිත ග්වාර්දර් වරාය නගරයේ වෙළෙඳ කාර්යාලයක් ස්ථාපනය කරන්නැයි ජමාලී මහතා සාකච්ඡාවේ දී ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළේය. මේ වරාය සෑම දිනකම බොරතෙල් බැරල් මිලියන 16ක් බාහිර ලෝකය වෙත පිටත් කොට යවන ලෝකයේ වැදගත්ම තෙල් පර්යන්තය ලෙස සැලකෙන උපායමාර්ගික වැදගත්කමක් සහිත හර්මෝස් සමුද්‍ර සන්ධියට පිවිසුම් දොරටුවකි. ග්වාර්දර් වරාය චීනය සමග ආර්ථික සබඳතා පවත්වා ගැනීමේ පාකිස්ථාන ප‍්‍රයත්නයේ ද ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනී.


    හම්බන්තොට වරායේ ඵල ප‍්‍රයෝජන ආගන්තුක ප‍්‍රාන්ත සභිකයනට පැහැදිලි කළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, එය පෙර අපර දෙදිග යා කරන ලොව වඩාත්ම කාර්යබහුල මුහුදු මාර්ගයට නාවික සැතපුම් 10ක් ඔබ්බෙන් පිහිටා ඇති බවත්, ඓතිහාසික සේද මාර්ගය යළි සක‍්‍රීය කිරීමට වරාය ඉවහල් වන බවත් පෙන්වා දුන්නේ ය.


    නාවික සහයෝගීතාවට අමතරව සිය ප‍්‍රාන්තයේ ගණිත, විද්‍යා සහ ඉංග‍්‍රීසි ගුරුවරුන් පුහුණු කිරීමට අධ්‍යාපනික ආධාර සපයන්නැයි ජමාලී මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළේය. ශ‍්‍රී ලංකාව පසුගිය දා විස්සයි-20 ලෝක කුසලානය දිනා ගැනීම පිළිබඳව ඉමහත් සතුට පළ කළ ප‍්‍රාන්ත සභා මන්ත‍්‍රීවරු ශ‍්‍රී ලංකාව සමග මිත‍්‍රත්වය අගය කළහ.


    “අප දෙරටක සිටියත් අප හදවතින් සමීපයි” යනුවෙන් පැවසූ ජමාලී මහතා “අන්‍යෝන්‍ය ගෞරවයෙන් සහ සහෝදරත්වයෙන් සලකන රටවල්” තම සභිකයන්ට හඳුන්වා දීමට තමාට අවශ්‍ය බව කීය.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය හමුවට එක්ව සිටියහ.


    HC/NP_IMU

    Provincial Assembly Members Balochistan Meet president

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya