අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු රැස්වීම් පළමු පැය සජීවීව යළිත්

    අප්‍රේල් 26, 2014

    පාර්ලිමේන්තුවේ රැස්වීම් සජීවී විකාශය ලබන පාර්ලිමේන්තු සභා රැස්වීම් වාරයේ සිට යළිත් ආරම්භ කිරීමට සූදානම් බව කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.


    රවි කරුණානායක මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගෙන් විමසා සිටියේ “පාර්ලිමේන්තුවේ රැස්වීම් සජීවී විකාශය සම්බන්ධ ඔබතුමාගේ ප්‍රයත්නය මේ මොහොතේ වුණත් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔබතුමා දරන මේ ප්‍රයත්නය නවත්වන්නේ කවුද? යන්නයි.


    එය කවුරුවත් නවත්වන්නේ නැති බවත් ලබන රැස්වීම් වාරයේ සිට පළමුවෙනි පැය සජීවී ලෙස විකාශය කිරීමට සලස්වන බව කියූ කතානායකවරයා “ස්ථාවර නියෝග අකුරටම ක්‍රියාත්මක කරනවා. එතකොට  ඔක්කොම හරියට කෙරෙනවා“ යැයි පැවසීය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya