අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික වශයෙන් සිදුවන සිද්ධීන්වල පැමිණිලි විමර්ශනයට විශේෂ පොලිස් ඒකකයක්

    අප්‍රේල් 24, 2014

    ආගමික වශයෙන් සිදුවන සිද්ධීන්වල පැමිණිලි විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවෙත උපදෙස් දුන්නේය.

     

    රටේ ආගමික සහජීවනය වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත මේ විමර්ශන ඒකකය, ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ පිහිටුවීමට අදහස් කර ඇති බව ද අද (24) අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කියා සිටියේය.

     

    කැසිනෝ පනතක් ගැන කියමින් රට අවුල් කරන බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය නොකරන ලෙස අදාළ ආයතන වෙතින් ඉල්ලීමක් ද කළ ජනාධිපතිතුමා කැසිනෝ පනතක් නැති බවත් එහි හෝටලයක් පමණක් ස්ථාපිත කරන බවත් ප්‍රකාශ කළේය.

     

    තවද යම් යම් සිද්ධීන්වලදී කිසිදු පුද්ගලයෙකුට හෝ සංවිධානයකට නීතිය අතට ගැනීමට නොහැකි බවත් එවැනි සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පුද්ගලිකව ම සොයාබලා කටයුතු කරන බවත් වැඩිදුරටත් පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya