මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර සංවර්ධන ව්‍යාපෘති රැසක් අද ජනපති අතින් ජනතා අයිතියට

    නොවැම්බර් 15, 2014

    මහනුවර නගර සංවර්ධන සැලසුම යටතේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් අද (15) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.


    පාරිසරික හා ඓතිහාසික වටිනාකමින් යුත් ලෝක උරුම නගරයක් ලෙස නම් කර ඇති මහනුවර නගරය ආගමික හා සංචාරක ආකර්ෂණය වැඩි නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මේ ව්‍යාපෘති නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාවට නංවා ඇත.

    ඒ අනුව මහනුවර ඔර්ලෝසු කණුව අසල පර්චස් 130ක භූමි ප්‍රමාණයක රුපියල් මිලියන 20ක වියදමින් ඉදිකළ බස්නැවතුම්පොළ පළමුව අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරීණි.

    එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මාවත, දෛනිකව භාවිත කරන 90,000ක පමණ මගී ජනතාව සහ 130ක් පමණ වන පදික වෙළෙඳුන්ට සෙත සලසමින් රුපියල් මිලියන 289ක වියදමින් පර්චස් 68ක භූමි භාගයක් තුළ ඉදිකළ නව සාප්පු සංකීර්ණය ද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    රුපියල් මිලියන 35ක වියදමින් ඉදිකළ දුම්රියපොළ සිට බස් නැවතුම්පොළ දක්වා ගල් අතුරා ඉදිකරන ලද පදික මාර්ගය ද පොදු ජන අයිතියට පැවරූ ජනාධිපතිතුමා මහනුවර නගර සභාව මඟින් ඉදිකරන ලද සංචාරක පොලිසිය හා පොදු පහසුකම් මධ්‍යස්ථානය ද  ජනතා අයිතියට පැවරීමට කටයුතු කෙරිණි.

    මේ සියලු ඉදිකිරීම් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කර ඇත.

    ජනාධිපතිතුමා දැක බලා ගන්නට අති විශාල පිරිසක් මහනුවර නගරයට ඒකරාශී වී සිටියහ. මේ විවෘත කිරීම් කරන අතරතුර ජනාධිපතිතුමා ජනතාව හමුවෙමින් ඔවුන්ගේ තොරතුරු විමසීමට ද කටයුතු කළේය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අබ්දුල් කාදර්, අර්ල් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

    NDH/pmu_pix by sudath silva

     

    02 Bus Stand

     

    03 Bus Stand

     

    07 Shopping Complex

     

    08 Shopping Complex

     

    10 Road

     

    11 Road

     

    14 Police

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya