මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට සහය පළ කරමින් ගම්පොළ නගරාධිපති සන්ධානයට එක්වෙයි

    නොවැම්බර් 15, 2014

    ගම්පොළ නගරාධිපති, එක්සත් ජාතික පක්ෂයේ ගම්පොළ ප්‍රධාන සංවිධායක සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා අද (15) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී ජනාධිපතිවරණයේදී එතුමාගේ විජයග්‍රහණය  තහවුරු කිරීමට කැප වී කටයුතු කරන බව පැවසීය.


    වසර 25ක් පුරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ හෙට්ටිආරච්චි මහතා වසර 12ක් ම ගම්පොළ නගරාධිපතිවරයා ලෙස කටයුතු ක‍ළේය.


    ගම්පොළ ජනතාවගේ පොදු අපේක්ෂා ඉටුකර දීමට එක්සත් ජාතික පක්ෂය යටතේ තමන්ට කිසිදා අවස්ථාවක් නොලැබෙන බව පෙන්වා දුන් ඒ මහතා තමා ඒ ජනතාව වෙනුවෙන් කරන සේවය තවදුරටත් ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට නම් තමා කළ යුත්තේ අද මේ රටේ දීප්තිමත්ම සහ ශක්තිමත්ම නායකත්වය සමඟ එක්වීම බව ද පෙන්වා දුන්නේය.


    අද අප රට ශීඝ්‍රයෙන් සංවර්ධනය කරා ගමන් කරමින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා අද මුළු ලෝකයේ ම අවධානය අප රට දෙසට සහ අපගේ නිර්භීත නායකත්වය කෙරෙහි යොමු ව තිබෙන බවත් ජනතා ආශිර්වාදයෙන් තුන්වන වරටත් ජනාධිපති වන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෑත් ශක්තිමත් කිරීම, රටට ආදරය කරන සියලු දෙනාගේ වගකීම බවත් පැවසීය.

    අනතුරුව ජනාධිපතිතුමා සමඟ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට හා මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැකීමට ද ගිය හෙට්ටිආරච්චි මහතා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ සිදු කෙරුණු සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදීමට ජනාධිපතිතුමා සමඟ එක්විය.

     

    NDH/pmu_pix by sudath silva

    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya