මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී

    නොවැම්බර් 15, 2014

    උතුරු අධිවේගී මාර්ගයේ මහනුවර මාර්ගයේ වැඩ ආරම්භ කිරීමට මහනුවර ප්‍රදේශයට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (15) උදෑසන මහනුවර ඓතිහාසික දළදා මාලිගාව වෙත ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.


    අනතුරුව මල්වතු, අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලා ද බැහැදැක උන්වහන්සේලාගේ සුවදුක් විමසීය.

    පළමුව මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා සුහද පිළිසඳරක නිරත විය.

    පසුව අස්ගිරි මහා විහාරය වෙත ද ගිය ජනාධිපතිතුමා අස්ගිරි මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟ ද කෙටි පිළිසඳරක නිරත විය.

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මොබිටෙල් ආයතනය මඟින් ක්‍රියාත්මක කරන ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජංගම දුරකතනයක් සහිත දුරකතන සබඳතාවක් ලබාදීමේ වැඩසටහන යටතේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ වෙත ද එම දුරකතන ලබාදීමට ජනාධිපතිතුමා පියවර ගෙන ඇත.

    ඒ අනුව ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ වෙත දුරකතන ලබාදීම සඳහා දුරකතන තොගයක් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් වෙත භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    NDH/pmu_pix by Sudath Silva

    03

     

    05

     

    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya