මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ වතුවල පාංශු හා ජල සංරක්ෂණයට රජයේ සහනාධාර

    නොවැම්බර් 14, 2014

    කුඩා තේ වතුවල පාංශු හා ජල සංරක්ෂණයට රජයේ සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් ඒ අනුව අක්කර 02ට අඩු තේ වතු සඳහා රුපියල් 5,000ක මුදලක් ලබා දෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (14) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    තේ පර්යේෂණ මණ්ඩලය හා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය මඟින් පාංශු හා ජල සංරක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර මේ පුහුණුව ද කුඩා තේ වතු හිමියන් සඳහා අදියර 02ක් යටතේ මේ සහනාධාර මුදල ලබා දෙනු ඇත. පළමු අදිර‍යේදී රුපියල් 2500ක් ද පුහුණුවෙන් පසු රුපියල් 2500ක් ලෙස මේ මුදල් ලබා දීමට කටයුතු කරයි. ඒ අනුව 225,144 දෙනෙකු මේ පුහුණුව ලබා පාංශු හා ජල සංරක්ෂණ ක්‍රම වර්ෂය පුරා විධිමත්ව ක්‍රියාත්මක කරන බවත්  මේ සහනාධාර ලබාදීම මැතිවරණය ඉලක්ක කර ගෙන සිදු නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    මේ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති අතර අතිරේක ප්‍රතිපාදනත් සමඟ ඔක්තෝබර් 31 වන විට රුපියල් මිලියන 328.24ක වියදමක් දරා ඇත. දිස්ත්‍රික්ක 12ක මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. ඒ අතර කෑගල්ල, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, මොනරාගල, බදුල්ල, රත්නපුර වේ. 2015 යෝජනා අනුව ඉදිරි වසරේත් මේ සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක බවත් තේ කර්මාන්තය තිරසාර බවට පත් කරන්න මෙය සාර්ථක වැඩපිළිවෙළක් බවට තොරතුරු ලැබෙන බවත් ඔහු වැඩිචදුරටත් පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya