මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමූපකාර ව්‍යාපාරයට නියමිත තැන මහින්ද චින්තනයෙන් ලබා දුන්නා - ජනපති

    නොවැම්බර් 14, 2014

    අපගේ සමූපකාර ව්‍යාපාරයට කනකොකා හැඬූ යුගය නිමා කර එය නගාසිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මහින්ද චින්තනය තුළින් කි‍්‍රයාත්මක කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    සියවසකට වැඩි සමූපකාර ඉතිහාසයේ ස්වර්ණමය යුගය මෙම යුගය බව ද පෙන්වාදුන් ජනාධිපතිතුමා අද අපගේ සමූපකාර ව්‍යාපාරය පෞද්ගලික අංශය සමඟ තරග කිරීමට තරම් ශක්තිමත් වී තිබෙන බව ද පෙන්වා දුන්නේ ය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ සමූපකාර සංවර්ධනය උදෙසා ඇති කරනු ලැබූ පොල්ගොල්ල, ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ මහින්ද රාජපක්ෂ රඟහල විවෘත කිරීමේ උත්සවයට ඊයේ (13) පස්වරුවේ එක් වෙමිනි.

    පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ ස්ථාපිත මෙම රඟහල නවීන පහසුකම්වලින් සහ සුවපහසු ආසන 1200කින් සමන්විත වන අතර සම්පූර්ණයෙන් වායුසමීකරණය කර ඇත. මීට අමතරව වාහන නැවැත්වීමේ පහසුකම් ඇති මෙම රඟහල සුන්දර පරිසරයක පිහිටා ඇත. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 390කි.

    අද ඇතැමුන්ට අවශ්‍යව ඇත්තේ තීරණයක් ගත නොහැකි අස්ථාවර ආණ්ඩුවක් රට තුළ ඇති කිරීම බවද ජනාධිපතිතුමා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.

    රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන් ම ශක්තිමත් විපක්ෂයක් ද තිබිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මැතිවරණයට තරග කිරීමට අපේක්ෂකයකු සොයා ගැනීමට නොහැකි අය කරන චෝදනාවලට තමන් කම්පා නොවන බවද ප‍්‍රකාශ කළේය.

    අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න, අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස බලල්ල, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හේමාල් ගුණසේකර, ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     NDH/priu

    02

     

    03

     

    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya