මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් ගුවන් සමාගමට නව A330 ගුවන් යානා 6ක්

    නොවැම්බර් 14, 2014

    ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා A330 ගුවන් යානා 06ක් අලුතින් ගන්නා බවත් මේ මඟින් ලොවපුරා ශ්‍රී ලංකවේ අනන්‍යතාව පවත්වාගෙන යාහැකි බවත් සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.


    පස් අවුරුදු සැලැස්මක් මේ අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකා ගුවන් සමාගම හා මිහින් ලංකා ආයතනවල අලාභය අවම කරමින් මේ වන විට කටයුතු කරන බවත් අලුත් ගුවන්යානා මිල දී ගෙන ලාභ ලබන ආයතන බවට පත්කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (14) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    අලුත් ගුවන්යානා ගත් විට දැනට පැරණි ගුවන්යානා අලුත්වැඩියා කරන්න යන වියදම අඩු වෙනවා. පැරණි ඒවායේ ඉන්ධන වියදමත් වැඩියි. ඉන්ධන පිරිවැය අඩු ගුවන් යානා ගන්න හදන්නේ ඒ නිසයි. මේ ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන එන ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට නියෝග දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya