තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගිං ගඟෙහිජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහඋණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය දොඩංගොඩ සහ අගලියයන පාලම් තුළ සිරවී ජලයක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානමවැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින්නිරන්තරයෙන් සිදු කරනු ලබයි.
ඒ අනුව, 2024මැයි මස 03වන දින දකුණු නාවිකවිධානය මඟින් එම විධානයට අනුයුක්ත කිමිදුම් හා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රාබලඝණයේ කණ්ඩායමක් යොදවා දොඩංගොඩ සහ අගලිය යන පාලම් තුල සිදුකල අපද්‍රව්‍යඉවත් කිරීමේ මෙහෙයුම මඟින් එම ප්‍රදේශයන්හි ඇතිවිය හැකිව තිබූ ගංවතුරඅවධානම වැලැක්වීමට හැකි විය.