මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජන මණ්ඩලයේ රැකියා පුරප්පාඩු 15,000ක්

    නොවැම්බර් 14, 2014

    ආයෝජන මණ්ඩලයේ රැකියා පුරප්පාඩු 15,000ක් තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (14) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මේ වන විට අයෝජන මණ්ඩලයේ හඳුනාගෙන ඇති යම් යම් ස්ථානයන් හි බිම් ප්‍රමාණයන් අවශ්‍යතාව මත කැමති නම් කර්මාන්ත ඉදිකිරීම සඳහා ලබා දිය හැකියි. ජනාධිපතිතුමා කර්මාන්ත 300ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. මෙවැනි රැකියා පුරප්පාඩු පැවතියත් ආණ්ඩුවේ රැකියා සඳහා රුපියල් 20,000ට 30,000ට යන්නේ රාජ්‍ය සේවයේ ඇති විශ්වාසය නිසා බවත් කොරියාව වැනි රටවලට යන්නේ වැඩි පඩියට බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya