මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 120 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

    මැයි 05, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි වෙරළ ප්‍රදේශයේ 2024 මැයි මස 04 වන දින සවස් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්,නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එකසිය විස්සක (120පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.  

    මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.   

    ඒ අනුවවයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2024 මැයි මස 04 වන දින සවස් කාලයේ කල්පිටිය, උච්චමුනෙයි වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ උර හතරක (04) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එකසිය විස්සක (120පමණ තොගයක් (තෙත බර සහිතමෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.    

    මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයටගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.   

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya