මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරිවෙහෙර පුදබිමේ විදුලි පහන් පද්ධතිය ජනපති සුරතින් විවෘත කෙරේ

    නොවැම්බර් 06, 2014

    ඓතිහාසික කතරගම, කිරිවෙහෙර පුදබිමේ නවීකරණය කරන ලද විදුලි පහන් පද්ධතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරිණි.


    ඓතිහාසික කතරගම, කිරිවෙහෙර පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා පළමු ව කිරිවෙහෙර සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව කිරිවෙහෙර සමිඳුන් විදුලි අලෝකයෙන් ඒකාලෝක කරමින් නවීකරණය කරන ලද විදුලි පහන් පද්ධතිය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ. උන්වහන්සේලා සෙත්පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

    පසුව අෂ්ඨඵල බෝධීන් වහන්සේ ද වැඳපුදා ගත් ජනාධිපතිතුමා කතරගම මහා දේවලය වෙත ද ගොස් එහි ආගමික වතාවත්වලට සහභාගී වී ආශිර්වාද ලබා ගත්තේය.

    සැදැහැවත් ජනතාව විශාල පිරිසක් විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර එම ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ ද තොරතුරු විමසීය.

    නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිනී සෙනරත් මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    022

     

    031

     

    041

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya