මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිස්සමහාරාම සෑ රඳුන් ජනපති සුරතින් විදුලි ආලෝකයෙන් ඒකාලෝක කෙරේ

    නොවැම්බර් 06, 2014

    ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් වටා ඉදිකරන ලද ස්ථිර විදුලි පහන් පද්ධතිය විවෘත කිරීම ඊයේ (05) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සිදු කෙරිණි.


    මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මැද විදුලි ආලෝකයෙන් තිස්සමහාරාම සෑ රඳුන් ඒකාලෝක කළ ජනාධිපතිතුමා සෑ රඳුන් වෙත පුෂ්පෝපහාර ද සිදු කරමින් ආගමික වතාවත්වල නිරත විය.

    තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක හිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසමින් වැඩම කර සිටි මහා සංඝරත්නය සමඟ ද සුහද කතාබහක නිරත වෙමින් උන්වහන්සේලාගේ සුවදුක් විමසීය.

    සැදැහැවත් ජනතාව විශාල පිරිසක් විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර එම ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ ද තොරතුරු විමසීය.

    නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිනී සෙනරත්, විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල, තිස්සමහාරාම සෑ රඳුන් ආලෝකයෙන් ඒකාලෝක කරන්නට අනුග්‍රහය දැක්වූ ලක්දනව් සමූහ ව්‍යාපාරයේ සභාපති යූ.ඩී. ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    011

     

    03

     

    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya