මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා බැංකුවේ බෙලිඅත්ත ශාඛාව නව පරිශ්‍රයක දී ජනපති සුරතින් විවෘත කෙරේ

    නොවැම්බර් 06, 2014

    බෙලිඅත්ත ප්‍රදේශයේ ජනතාවගේ මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා අවශ්‍ය සේවා සැපයීමේ අරමුණෙන් බෙලිඅත්ත ලංකා බැංකු ශාඛාව නව ගොඩනැගිලි පරිශ්‍රයක දී විවෘත කෙරේ.


    බෙලිඅත්ත, වලස්මුල්ල පාරේ අංක 67 දරන ස්ථානයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය අද (06) පස්වරුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කරන ලදි.

    එහි දී සමරුඵලකය නිරාවරණ කර නවගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා අතින් ප්‍රථම මුදල් තැන්පතු බාර ගැනීම ද සිදු විය. තැන්පතුකරුවන්ට තිළිණ ප්‍රදානයට ද ජනාධිපතිතුමා එක් විය.

    මේ අවස්ථාවට අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, දකුණු පළාත් අමාත්‍ය ඩී.වී උපුල්, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, ලංකා බැංකුවේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    KA/NDH

    03

     

    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya