මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදමුලන කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

    නොවැම්බර් 07, 2014

    කෘතහස්ථ දේශපාලඥයෙකු වූ දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා සහ දිවංගත දන්දිනා සමරසිංහ දිසානායක මැතිණිය සිහිපත් කරමින් මැදමුලනේ ඉදිකරන ලද කෞතුකාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (06) පස්වරුවේ විවෘත විය.

     

    ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 47 වන ගුණ සමරුවට සමගාමී ව මෙම කෞතුතාගාරය විවෘත කෙරුණු අතර ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා සහ එම මැතිණිය භාවිත කරන ලද භාණ්ඩ මෙහි තැන්පත් කර ඇත. අතීත මතක සටහන් රැගත් ඡායාරූප ද ප්‍රදර්ශනය කර ඇත.

     

    ඊයේ පස්වරුවේ එම ස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ඒ අභියස ඇති තම ආදරණීය පියාණන් වන ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ සහ මෑණියන් වන දන්දිනා සමරසිංහ දිසානායක මැතිණියගේ ස්මාරක වෙත පුෂ්පෝපහාර දැක්වීය. අනතුරුව කෞතුගාරය විවෘත කිරීමට එක් විය.

     

    කථානායක චමල් රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු සහෝදර සහෝදරියන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ යන මහත්වරුන්ද, මැති ඇමතිවරුන්ද ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    SDF

     

    P1

    p2p4p6p5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya