අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුව - අම්පාර යාකරමින් මන්මුනෙයි පාලම ජනපති අතින් ජනතා අයිතියට

    අප්‍රේල් 20, 2014

    මඩකළපුව, කොක්අඩිචෝලේ හරහා අම්පාර ප්‍රදේශ යාකරමින් ඉදිකරන ලද නව මන්මුනේ පාලම ඊයේ (19) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් ජනතා අයිතියට පත් කෙරිණි.


    සමරු ඵලකය නිරාකරණය කරමින් ජනාධිපතිතුමා නව පාලම ජනතා අයිතියට පත් කළ අතර පීත්ත පටිය කපා මාර්ගය ගමනාගමනයට නිරාවරණය කළේය.


    කොළඹ, රත්නපුර, වැල්ලවාය, පොතුවිල් හරහා මඩකළපුවට වන ඒ-4 මාර්ගයේ තාලන්කුඩා සහ කොක්කඩිචෝලේ මන්මුනෙයි, මාවඩිමුන්මාරි යා කෙරෙන මෙම මන්මුනෙයි පාලමේ දිග මීටර් 210 කි. එහි පළල මීටර් 9.8කි. පාලම දෙපසින් පදිකයින් සඳහා ගමන්කිරීමට පහසුකම් ද සකස් කර තිබේ. මන්මුනේ පාලම ඉදිකිරීම සඳහා දරණ ලද සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 1870කි. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා පදනම මඟින් රුපියල් මිලියන 1473ක් සහ ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 347ක් ලෙස එහි පිරිවැය දරා තිබේ. 2012 දී එහි ඉදිකිරීම් ආරම්භ කළ අතර ඉදිකිරීම් සිදු කරන ලද්දේ මාර්ග සංවර්ධන අධිකාරියයි. මේ පාලම නිසා නැගෙනහිර පළාත වෙත යන අයට කාලය මෙන්ම දුර ප්‍රමාණය ද කිලෝමීටර් 30කින් පමණ කෙටි වෙයි.

    ශ්‍රී ලංකාවේ වැඩබලන ජපන් තානාපතිනි අසකෝ උතායෝ මැතිනිය ද නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, මහඇමති අබ්දුල් නජීඩ් මජීඩ්, ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, බෂීර් සේගුදාවුඩ්, විනයාගමූර්ති මුරලිදරන්, මහත්වරුන් සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු. ආර්. ප්‍රේමසිරි මහතා ද ප්‍රදේශවාසීන් අති විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.


    HC/NDH/DB/pmu_Pix By: Chandana Perera

     

    Manmunai Bridge open by President 1

    Manmunai Bridge open by President 2

    Manmunai Bridge open by President 3

    Manmunai Bridge open by President 4

    Manmunai Bridge open by President 5

    Manmunai Bridge open by President 6

    Manmunai Bridge open by President 7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya