අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිරාඳුරුකෝට්ටේ දරුවන්ටත් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක්

    අප්‍රේල් 20, 2014

    අධ්‍යාපනයේ සමාන අවස්ථා ගිරාඳුරුකෝට්ටේ දරුවන්ටත් ලබාදෙමින් මහින්දෝදය පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (19) පෙරවරුවේ දී සිසු අයිතියට පැවරිණි.


    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ අංග සම්පූර්ණ ගණිතාගාරයකින්, පරිගණක 25කින් සමන්විත භාෂාගාරයකින්, පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයකින් හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයකින් මෙම විද්‍යාගාරය සමන්විත වේ.

     

    තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව සිසු දරුවන් සමග සුහද කතාබහකද නිරත විය.

     

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    DB/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya