දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    බාල බෙහෙත් රජයේ රෝහල් පද්ධති හරහා ලබා දෙන්නේ නැහැ - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස

    දෙසැම්බර් 06, 2024

    බාල බෙහෙත් රජයේ රෝහල් පද්ධති හරහා ලබා දී  නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

    ප්‍රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධයෙන් ඊයේ පුවත්පතක පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    “ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා බෙදා හරින්නේ. ඖෂධ නියාමන අධිකාරියේ අකාර්යක්ෂමතාවයක් තිබෙනවා. තාවකාලික සහ ස්ථිරි ලියාපදිංචිය මේ වන විට  කඩිනම් කරගෙන යනවා.

    නමුත් ඔය කියන බාල බෙහෙත් රජයේ රෝහල් පද්ධතිය හරහා ගිහින් නැහැ. ගුණාත්මක තත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා නම් එය වාර්තා කරනවා.

    මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරනවා.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya