මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන හොඳම හරිත දුම්රිය ස්ථානය තේරීමේ වැඩසටහන පිළිබඳව උතුරු කලාපයේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය (10) දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහි දී හරිත දුම්රිය ස්ථානය පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව කෙටි හැඳින්වීමක් දුම්රිය ස්ථානාධිපති පී.එස්. පොල්වත්තගේ මහතා විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුම්වත් කිරීමේ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් එම්. සිවකුමාර්, පරිසර ප්‍රවර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා ශ්‍යාමනී පෙරියප්පෙරුම ඇතුළු නිලධාරීන්, උතුරුමැද පළාත් කාර්යාලයේ අධ්යක්ෂ ඇතුළු නිලධාරින් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුරු කලාපයේ දුම්රිය ස්ථානාධිපතිවරුන් සහභාගී වූහ.