දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    ශ්‍රී දළදා මාළිගා චතුරස්‍රයේ පිහිටි පැරණි රජ වාසල සහ පුරා විද්‍යා කෞතුකාගාරය මහජන අයිතියට

    දෙසැම්බර් 12, 2024

    ඇමරිකානු රජයේ ආධාර මත ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී දළදා මාළිගා චතුරස්‍රයේ පිහිටි පැරණි රජ වාසල සහ පුරා විද්‍යා කෞතුකාගාරය මහජන අයිතියට පත්කිරීම ඊයේ (11) සිදු කෙරිණි.

    ඒ් ශ්‍රී ලංකවේ ඇමරිකානු තානාපති (Julie J.Chung )ජූලී චෑන්ග් මහත්මිය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඇමරිකානු තානාපති අරමුදලින් රුපියල් මිලියන 77ක (ඩොලර් 265 000) වියදමින් මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කර ඇත.

    ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, පුරාවිද්‍යා දෙපාර්ත‍මේන්තුවේ හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට  සහභාගි වූහ.

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya