දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    පොළොන්නරුවේ ප්‍රධාන සහල් සැපයුම් ආයතනවල නිෂ්පාදන හා සැපයුම්  ක්‍රියාවලිය අධීක්ෂණ කරයි

    දෙසැම්බර් 12, 2024

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහල් සැපයුම් ආයතනවල නිෂ්පාදන හා සැපයුම්  ක්‍රියාවලිය පිළිබඳ අධීක්ෂණ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව පොළෙන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය පෙන්වා දෙයි.

    මෙහි දී දෛනික ජාතික සහල් අවශ්‍යතාවයෙන් සියයට විසිපහක් (25%) පමණ පොළොන්නරුවේ ප්‍රධාන සැපයුම් ආයතන නවයක් මඟින් දෛනිකව සැපයෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධීක්ෂණ අනුව පෙන්නුම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ පොළොන්නරු ඒකකය සඳහන් කරයි.

    එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහල් සැපයුම් ආයතන නවයක්  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොළොන්නරුව  ඒකකයේ අධීක්ෂණයට ලක්වේ. 

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධානී සහ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානී චන්ද්‍ර කුමාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කණ්ඩායම් දෙකක් විසින් මෙම අධීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

    පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya