දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    උත්සව සමයේ වෙළෙඳපොල බඩු මිල ඉහළ දැමීමට ඉඩ තබන්නේ නැහැ - වෙළෙඳ ඇමති

    දෙසැම්බර් 06, 2024

    උත්සව සමයේ වෙළෙඳපොල බඩු මිල ඉහළ දැමීමට ඉඩ තබන්නේ නැතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද දිනයේ විවාදයට එක්වෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය. 

     

    වෙළෙඳපාළ තුළ අතිරික්ත ලාබ ලබමින් මාෆියා හදන්න ආණ්ඩුව ඉඩ නොදුන් බවත් එය පාලනය කිරීම සඳහා රජය මැදිහත් වූ බවත් අමාත්‍යවරයා කීය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ජනතාව පීඩාවට පත් කරමින් සහල් වෙළෙඳපොළ මාෆියා හදන්න ඇතැමුන් උත්සාහ කළ බවයි. ඒ සඳහා ඉඩ නොතබමින් වෙළෙඳපොළ සහල් සුලබ කිරීමට කටයුතු කළ බවයි.මේ වන විට දෛනිකවසතොස හරහා සහල් බෙදීමට කටයුතු කර තිබෙන බවත්, ඒ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයිද අමාත්‍යවරයා කීය. රාජ්‍ය බැංකු වලින් ණය ලබා ගනිමින්, එහෙත් ජනතාව පීඩාවට පත්කරමින් සහල් වෙළෙඳපොළ මාෆියාවක් සෑදූ අයට එරෙහිව ඊළඟ වාරයේ ණය දෙන විට තීරණයක් ගන්නා බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya