සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්‍යය, සමඟිය, සහ ප්‍රතිසන්ධානයසඳහා වන කොමිෂන් සභාව පිහිටුවීමේ අපේක්ෂාව සත්‍යය සොයාගැනීමයි - අමාත්‍ය අලි සබ්රි මහතා

    සැප්තැම්බර් 03, 2024

    සත්‍යය, සමඟිය, සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පිහිටුවීමේ අපේකෂාව සත්‍යය සොයාගැනීම බවත්,රණවිරුවන් දංගෙඩියට ගෙනයාමක් මෙමගින් සිදු නොවන  බවත්, විදේශ කටයුතු , අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද(03) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     

    සියළු ජාතීන් , ආගම් වලට අයත් වන අගතියට පත්වූ සියළු පාර්ශ්ව වලට සත්‍යය දැනගැනීමේ අයිතිය තිබිය යුතු බවත් යම් වරදක් සිදුකළ අය වේනම් දඩුවම් හිමිවිය යුතු බවත් ඇමතිවරයා පැවසීය. 

    සත්‍යය, සමඟිය, සහ ප්‍රතිසන්ධානයසඳහා වන කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ යෝජනාව හා විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යතාව පිළිගැනීම, ලියාපදිංචි කිරීම,සහ බලාත්මක කිරීම, අපරාධ නඩු විධාන සංග්‍රහය(සංශෝධන) පනත් කෙටුම්පත 

    පිළිබඳ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.. 

     

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙසේද පැවසීය.   

    මේ හරහා උත්සහ කරන්නේ, දැනටමත් ක්‍රියාත්මක වෙනවා රටට විරුද්ධව ජීනීවා හරහා එළියේ එවිඩන්ස් ගැදරින් මැකෑනිසම් එකක්. 

    රජයක් ලෙස අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙලා තියෙනවා. මේ සත්‍ය සෙවීමේ කොමිසම් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.අපේ රටේ විතරක් නෙවෙයි.  නේපාලයේ, පේරු රාජ්‍යයේ, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 43 ක මෙය ක්‍රියාත්මක වෙලා තියෙනවා.  

    2015 දී රජය ගත්ත තීරණයෙන් අපි එළියට ඇවිත් තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya