සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස්පතිවරයා සම්බන්ධයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවට නැවත යොමු විය යුතුයි

    ජූලි 25, 2024

    පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ලබා දී ඇති තීන්දුව ‍ ව්‍යවස්ථාදායක සභාවට නැවත යොමු කළ යුතු යැයි සභානායක අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය . 

    දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊ‌යේ නිකුත් කළ  අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභානායකවරයා මේ බව පැවසීය.

    ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක විය යුතුය යන්න ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත.  ව්‍යවස්ථාදායක  සභාව විධායකයේ කොටසකි . මෙම තත්ත්වය සම්බන්ධයෙන් පරිශීලනය  කොට මතය කීමට යම් කාලයක් අවශ්‍ය වන  බවද ඇමතිවරයා පවසා සිටියේය. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කල  අදහස් දැක්වීමකට පිළිතුරු දෙමිනි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    “ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන තුන එකිනෙක තිරිංගයක් ලෙස කටයුතු කිරීමෙන් තමයි ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදය රැකෙන්නේ. ඒ මූලධර්මය යටතේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ. ව්‍යවස්ථාදායක සභාව රැස් වී ඒ පිළිබඳව තීරණයක් ගත හැකියි. මෙය ව්‍යවස්ථාදායක සභාවට නැවත යොමු විය යුතුයි යනුවෙන් සභානායකවරයා වැඩිදුරටත් පැවසීය.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya