සැප්තැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ සිට පාසල්වල  භෞතික සම්පත් මිලදී ගැනීම සඳහා යොදවන මුදල වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා - අධ්‍යාපන ඇමති

    ජූලි 24, 2024

    පාසල්වල  භෞතික සම්පත් මිලදී ගැනීම සඳහා යොදවන මුදල වැඩි කිරීම සම්බන්ධයෙන් යෝජනා ආසියානු සංවර්ධනව බැංකුව, ‌ලෝක බැංකුව වැනි ආයතනවලට ඉදිරිපත් කරන බවත් ඒ සඳහා ඇස්තමේන්තු සකස්කරමින් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    පාසල්වල භෞතික සම්පත්  වැඩිදියුණු කිරීම   සඳහා යොදවන ගුණාත්මක යෙදවුම් වැඩිකිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු  මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා‌ යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පාසල්වල ගුණාත්මක යෙදවුම් සඳහා මුදල් ලබා දීමේදී, ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගිනුත් පළාත් පාසල් සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මුදල් වෙන් කර තිබෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසිය.

    ඊට අමතරව ලෝක බැංකු ආධාර යටතේ යම් මුදල් ප්‍රමාණයක් ලබා දී තිබෙන බව ප්‍රකාශ කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ආසියානු සංවර්ධන බැංකුව යටතේ ලබා දෙන ආධාර ගුරුවරුන්ගේ පුහුණුව සඳහා සහ ගුණාත්මක යෙදවුම් සඳහා  වැයකරන බව ද කිය . මේ වන විට 2025 වර්ෂය සඳහා අවශ්‍ය ඇස්තමේන්තු සකස් කරගෙන යන බවත් ලබන වසරේ ‌එම ආයතනවලට එම යෝජනා ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya