මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇටම්පිටිය පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    සැප්තැම්බර් 13, 2014

    බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි ඇළ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා රුපියල් මිලියන 2250ක වියදමින් ඉදිකෙරෙන ඇටම්පිටිය පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ආරම්භ කෙරිණි.


    ප්‍රදේශයේ පවුල් 1500කට පමණ සෙත සැලසෙන මේ ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2016දී නිම කිරීමට අපේක්ෂිතය.

     

    ඉහළ ජනතා හරසර මැද ජල ව්‍යාපෘතියේ කටයුතු ජනාධිපතිතුමා අතින් ආරම්භ විය.

     

    ඉන් අනතුරුව අසළ ඇති ඇටම්පිටිය නිග්‍රෝධාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

     

    විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත තෙමහල් බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීම ද මේ අවස්ථාවේ සිදු වූ අතර ඊට ද ජනාධිපතිතුමා සහභාගි විය.

     

    විහාරාධිපති පූජ්‍ය වෑතලාවේ ධම්මවිපුල නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේ සමඟ සුහද කතා බහක නිරත විය.

     

    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය දැනගත් ප්‍රදේශයේ ජනතාව විහාරස්ථානය වෙත රැස් ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද කතා බහක නිරත විය.


    අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩිලාන් පෙරේරා, දයාශ්‍රිත තිසේරා යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.


    NDH/pmu_pix by Chandana Perera

    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya